Wednesday, November 28, 2018

             ආයුර්වේදය



මෙහි භාෂාමය අර්ථය නම්"ආයුර් වින්දනය "හෙවත් ආයුෂ වැඩි කිරීම යන්නයි.බටහිර වෛද්‍ය විද්‍යාවේ ලක්ෂණය වන්නේ අස්නීපයක් වැලදුනු පසු වෙදකම් කිරීමයි .ආයුර්වේදයෙන් කෙරෙන්නේ අසනීප වීමට පෙර වෙදකම් කිරීමයි.එනම්,පුද්ගලයාගේ ආද්‍යාත්මයට කතා කරමින් පුද්ගල පැවැත්ම යහපත් කිරීමට ප්‍රයත්න දරයි.උදෑසන කොළ කැද පානය,අවටපරිසරයෙන් සොයා ගනු ලබන පලා වර්ග  ආහාරයට එකතු කර ගැනීම ,හිසට "බෙහෙත් තෙල් "ආලේපය ,තුන්දොස් කිපීම් වළක්වා ගැනීම සදහාත් ඖෂධ අවට පරිසරයෙන්ම සකස් කර ගනු ලබයි.එමගින් බටහිර වෛද්‍ය ක්‍රමයේදි ශරීරයට පසුකාලීනව ඇති විය හැකි අතුරු ආබාධයන් වළක්වාලයි.පුද්ගල ජීවිතය නොදැනුවත්වම අපහසුතාවයකින් තොරවම සුවපත් වේ.

 කෙසේ වුවත් ආයුර්වේදයේ විද්‍යාත්මක පදනමක් නම් නැත.ඒ වූ කලී අත්දැකීමෙන්,පරම්පරාවෙන් පැවත එන්නකි.මෙය බොහෝදුරට අදයාත්මික ප්‍රතිකාර ක්‍රමයකට සමීප හෙයින් ගුණාත්මක බවින් යුක්තය.
මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය "යුනානි"හා "චීන කටු චිකිත්සාව " එකට එකතු වී වර්දනය වී ඇත.එසේම " දන්වන්තරි" සෘශිවරයගේ මතයන්ගෙන් ආයුර්වේදය පෝෂණය වී ඇත.....
I.A.D.මධුවන්ති

No comments:

Post a Comment